ලංකාව පුරා පොලිසියෙන් දැවැන්ත මෙහෙයුමක්
ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන විශේෂ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලට අදාළව ඊයේ (27) දිනය තුළ සැකකරුවන් 576 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අනුව, පුද්ගලයන් 27,901ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු සහ විවෘත හා දින වරෙන්තුකරුවන් 385 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.