එයාර් ෆ්රාන්ස් සහ කේ.එල්.එම්. ගුවන් සේවාවලට දඩ - තහනම් ගුවන් කලාපවලින් ගියාට දැඬි දඬුවම්
එක්සත් ජනපද ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් අමෙරිකානු ඩෙල්ටා ගුවන් සේවයේ (Delta Air Lines) කේත භාවිතා කරමින්, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් තහනම් කර ඇති ගුවන් කලාප හරහා ගුවන් ගමන් ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් 'එයාර් ෆ්රාන්ස්' (Air France) සහ 'කේ.එල්.එම්.' (KLM) ගුවන් සමාගම් වෙත දඩ මුදල් නියම කර තිබේ.
ඒ අනුව එක්සත් ජනපද ප්රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එයාර් ප්රාන්ස් සමාගම අමෙරිකානු ඩොලර් 105,000 කින් ද, කේ.එල්.එම්. රාජකීය ලන්දේසි ගුවන් සේවය අමෙරිකානු ඩොලර් 320,000 කින් ද වශයෙන් එකතුව ඩොලර් 425,000 ක දඩ මුදලකට යටත් කර ඇති බවයි.
ගැටුම් සහ අන්තවාදී ක්රියාකාරීත්වයන් පවතින විදේශීය ගුවන් කලාපවල සිවිල් ගුවන් සේවාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා FAA ආයතනය මෙවැනි තහංචි පනවා ඇති අතර, අමෙරිකානු ගුවන් සේවා කේත යටතේ ක්රියාත්මක වන විදේශීය ගුවන් සමාගම් ද එම නීති රීතිවලට අනිවාර්යයෙන්ම දැඩි ලෙස නැඹුරු විය යුතුයි.
"ට්රම්ප් පාලනාධිකාරිය යටතේ අමෙරිකානු කේතයක් යටතේ ගුවන් ගමන් සිදුකරන විට අපගේ ආරක්ෂක නීති පිළිපැදීම අනිවාර්ය දෙයක් වන අතර, මගීන්ගේ ආරක්ෂාවට ප්රමුඛත්වය ලබාදෙමින් රීති උල්ලංඝනය කරන කිසිදු ගුවන් සේවයක් සම්බන්ධයෙන් අප පසුබට වන්නේ නැත" යනුවෙන් එක්සත් ජනපද ප්රවාහන ලේකම් ෂෝන් පී. ඩෆී (Sean P. Duffy) මේ සම්බන්ධයෙන් ප්රකාශ කර තිබේ.