යූරියා බලපොරොත්තු වූවන්ට සුභ පණිවිඩයක්..
යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 22,000ක් රැගත් තවත් නෞකාවක් අද කොළඹ වරායට ළගා වී තිබෙනවා මහ කන්නයේ වී හා බඩඉරිගු වගාවන් සදහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීමට ලෝක බැංකුව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 105ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙරටට පැමිණි දෙවන නෞකාව මෙයයි.
මෙම නෞකාව මැලේසියාවේ සිට පැමිණ ඇති අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ එහි යූරියා පොහොර තොගය ගොඩ බෑමේ කටයුතු අද දින සිටම ආරම්භ කරන ලෙසයි.
එමෙන්ම මෙම පොහොර තොගය ගොඩබෑමේ කටයුතු රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මේ මස 28වනදා තවත් යූරියා පොහොර රැගත් නෞකාවක් මෙරට ලගාවීමට නියමිත අතර ලබන මස පළමු සතියේ බන්ඩි පොහොර හෙවත් එම් ඕ පී පොහොර මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙරටට ළගා වීමට නියමිතව ඇත.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය විසින් දිස්ත්‍රික් අටක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සදහා බෙදා දීමට යූරියා මෙට්ට්‍රික් ටොන් 700ක ප්‍රමාණයක් එළඹෙන අගහරුවාදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත ලබාදීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනනේ