සජබෙන් එජාපයට ඉල්ලීමක් - එජාපයෙන් බෑ කියයි

Report

මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට කළ ආරාධනයකට පිලිතුරු දෙමින් එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ලිපියක් නිකුත් කර තිබේ.

ඇය එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ, මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින්, එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය කලින්ම තීරණය කළ බවය.

ලොක්කෙක් ශ්‍රී ලංකාවට - මාලදිවයින් ජනපති මෙරටට

ලොක්කෙක් ශ්‍රී ලංකාවට - මාලදිවයින් ජනපති මෙරටට

මැයි පළමු වෙනිදා පොහෝ දිනයක් වුවහොත් දේශපාලන කටයුතුවල යෙදීම සුදුසු නොවන බවට රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස සිටි සමයේ පෙන්වා දී ඇත.

එබැවින් සමගි ජන බලවේගයේ හෝ වෙනත් පක්ෂයක හෝ මැයි දින රැලිවලට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂයට අවකාශක් නොමැති බව ඇය දැනුම් දී ඇත. එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේගය එකට එකතු වී වැඩකිරීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව බවත් එබැවින් අනාගත දේශපාලන කටයුතුවලදී එකට වැඩ කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඇය සිය ලිපියෙන් වැඩිදුරටත් දැනුම් ද ඇත. 

ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් - නමුත් තීන්දුව කල් තබයි

ශානිගේ සහ රවීගේ ‍පෙත්සම විභාග කර අවසන් - නමුත් තීන්දුව කල් තබයි