විශ්වවිද්‍යාල සිසුවෙක් හදිසියේම අතුරුදහන් වෙයි..මොහු සිටින තැන දන්න අයෙක් වහාම දැනුම් දෙන්න.(PHOTOS)

Sri Lanka Police Ministry of Education University of Peradeniya Sri Lanka
By Aruna Sep 19, 2022 04:41 AM GMT
Aruna

Aruna

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු අතුරුදන් වී තිබේ. පොලිසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඊයේ (සැප්. 18) දිනයේදී පේරාදෙණිය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ය.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ, වයස අවුරුදු 24ක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසුවෙකි.

ඔහු යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ සිසුවා විසින් සැප්තැම්බර් 16 වන දින ලියන ලද බවට සැක කරන ලිපියක් ඔහු නැවතී සිටී කාමරයේ තිබී සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

මේ දක්වා මොහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මේ අනුව පහත ඡායාරූප වල සිටින සරසවි සිසුවා දන්න අයෙක් සිටිනවානම් වහාම ලඟම ඇති පොලිසියට දැනුම් දෙන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery