අයවැයෙන් මේ කාර්ය මණ්ඩල වෙත ගෙවන දීමනාවලත් සංශෝධනයක් - දැනට ගෙවන දීමනාව තුන් ගුණයකින් ඉහළට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ විශේෂඥ දැනුම සහිත බාහිර කථිකාචාර්යවරුන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවල අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට අයවැයෙන් යෝජනා කර ඇත.
එබැවින් මානව සම්පත් සංවර්ධනය සඳහා ඉටු කරන කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට දැනට ගෙවනු ලබන අධ්‍යයන දීමනාව රුපියල් 25,000 කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
එසේම මෙම වැඩිවීමෙන් 50% ක් 2027 ජූලි මාසයේ සිට ද, ඉතිරි 50% 2028 ජූලි මාසයේ සිට ද ලබා දීමට නියමිත බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
රාජ්‍ය සේවකයින්ට පිස්සු හැදෙන ආරංචියක් - 2027 අයවැයෙන් අප්‍රේල් හෝ ජූලි වැටුප් සහ දීමනා වැඩි වෙන්නේ මෙහෙමයි - වැඩි වෙන ගාණත් එක්කම සම්පූර්ණ විස්තරේ
මේ අතර විශේෂඥ දැනුම සහිත බාහිර කථිකාචාර්යවරුන් විශ්වවිද්‍යාල වෙත ආකර්ෂණය කර ගැනීමට ඔවුන්ට ගෙවනු ලබන දීමනා තුන් ගුණයකින් ඉහළ නැංවීමට යෝජනා වී ඇති බව ද සඳහන්.
එබැවින් බාහිර කථිකාචාර්යවරුන් සඳහා පැයකට ගෙවනු ලබන රුපියල් 1,500 ක දීමනාව රුපියල් 4,500 දක්වා වැඩි කරනු ඇති බව වාර්තා වේ.
තවද ප්‍රායෝගික පරීක්ෂණ සඳහා බාහිර උපදේශකවරුන් වෙත පැයකට ගෙවනු ලබන රුපියල් 600 ක දීමනාව රුපියල් 1,800 දක්වා ඉහළ දැමීමට යෝජිත අතර වෘත්තීය නිපුණතා අධ්‍යයන කටයුතු සඳහා විශේෂඥ දැනුම සහිත බාහිර කථිකාචාර්යවරුන් ආකර්ෂණය කර ගැනීමට, වෘත්තීය හා තාක්ෂණ ආයතනවල බාහිර කථිකාචාර්යවරුන්ට දැනට ගෙවනු ලබන දීමනා 100% කින් ඉහළ නැංවීමට යෝජනා කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.
පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී