අයවැයෙන් තවත් සහනයක් - මේ නිවාස වෙනුවෙන් රු 25,000 ක සහනාධාරයක් සහ බදු ඉවත් කිරීමක්

Report

වහල මත සවිකරන නව සූර්ය බලශක්ති පද්ධති සමඟ බැටරි ගබඩා පද්ධති ස්ථාපනය කරන නිවාස වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කිලෝවොට් පැයකට (kWh) රුපියල් 25,000 ක සහනාධාරයක් යෝජනා කර ඇත.

2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම යෝජනාවේ අරමුණ ලෙස සඳහන් කළේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ප්‍රවර්ධනය කිරීම, බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ අසමතුලිතතා අවම කිරීම මගින් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය වැඩි දියුණු කිරීමයි.

එසේම මෙම යෝජනාව යටතේ, නෙට් ප්ලස් යෝජනා ක්‍රමය යටතේ නව වහල මත සූර්ය පද්ධති ස්ථාපනය කරන නිවාස සඳහා බැටරි ගබඩා ධාරිතාව කිලෝවොට් පැයකට රුපියල් 25,000 ක සහනාධාරයක් ලැබෙනු ඇති අතර එය උපරිම ධාරිතාව 10 kWh දක්වා වන බව සඳහන්.

මේ ණය ගත්ත අයට රජයෙන් දෙන්න යන සහනය ජනපති රටටම කියයි

මේ ණය ගත්ත අයට රජයෙන් දෙන්න යන සහනය ජනපති රටටම කියයි

මේ සහනාධාර වැඩසටහන සඳහා රුපියල් මිලියන 3,500 ක ප්‍රතිපාදනයක් යෝජනා කර තිබෙනවා. තවද ජනාධිපතිවරයා යෝජනා කළේ සූර්ය බලශක්ති ගබඩා කිරීම සඳහා භාවිතා කරන ආනයනික බැටරි සඳහා පනවා ඇති 10% වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බද්ද (PAL) ඉවත් කිරීමටයි.

සෘජු සහනාධාරයට අමතරව, මෙමඟින් කිලෝවොට් පැයකට රු. 4,000 සිට රු. 5,000 දක්වා අමතර බදු ප්‍රතිලාභයක් ලැබෙනු ඇති බව ජනපති කියා ඇත.

එබැවින් බැටරි ගබඩා පද්ධති ස්ථාපනය කරන නිවාස වෙනුවෙන් රජයේ සෘජු සහනාධාරය සහ බදු අඩු කිරීමේ ප්‍රතිලාභය යන දෙකම ලැබෙනු ඇති බව ඔහු පැහැදිලි කර තිබෙනවා.

මෙම පියවරවල අරමුණ ලෙස ජනාධිපතිවරයා පැවසුවේ රට පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීමේ කොටසක් ලෙස බැටරි ගබඩා පද්ධති භාවිතා කිරීමට නිවාස දිරිමත් කිරීමයි. 

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

රුවන්වැලි සෑය අසළ උණුසුම් වෙයි - සුළු මොහොතකට පෙර බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට - උපවාස භූමිය කුඩු කරමින් පිරිසක් කඩා පනී

රුවන්වැලි සෑය අසළ උණුසුම් වෙයි - සුළු මොහොතකට පෙර බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට - උපවාස භූමිය කුඩු කරමින් පිරිසක් කඩා පනී