කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න
ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 3,000කට අධික තොගයක් රැගත් 'GAS GOODWILL' නෞකාව අද (12) දින මෙරටට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම නිවේදනය කරන බව සඳහන්.
ඉකුත් කාලයේ පැවති සැපයුම් බාධාවන්ගෙන් පසු, මෙම නව තොගයත් සමඟ ගෘහස්ථ හා ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා ගෑස් සිලින්ඩර සැපයීම අදියරෙන් අදියර නැවත ආරම්භ කිරීමට සමාගම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එසේම එම සමාගම පවසන්නේ නෞකාවෙන් ගෑස් තොගය ගොඩබෑමෙන් පසු, සිලින්ඩර පුරවා බෙදාහරින්නන් සහ බලයලත් අලෙවි නියෝජිතයන් ඔස්සේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත අතර, ඒ ඔස්සේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ලාෆ්ස් ගෑස් ලබාගැනීමේ හැකියාව ක්‍රමයෙන් ඉහළ යනු ඇති බවයි.
ඉකුත් කාලයේ ගෑස් ලබාගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දුන් අපහසුතා පිළිබඳව කනගාටුව පළ කරන ලාෆ්ස් ගෑස් කළමනාකාරිත්වය, අලෙවිසැල් වෙත යාමට පෙර ළඟම ඇති බලයලත් අලෙවි නියෝජිතයා අමතා හෝ 1345 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තම ප්‍රදේශයේ ගෑස් තොග පිළිබඳව විමසන ලෙස ද පාරිභෝගිකයන්ට දැනුම් දී ඇත.
පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී