මේ බද්ද වසර 5කට ඉවත් කිරීමට රෙගුලාසි.. මිලියන 9,000 න් මුළු රටටම අධිවේගී අන්තර්ජාල පහසුකම්
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් ක්‍රියාත්මක "ගමට සන්නිවේදනය" වැඩසටහනට රු. මිලියන 9,000 ක් වෙන් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
එසේම නව සන්නිවේදන කුළුණු වෙනුවෙන් වන බද්ද වසර 5ක කාලයකට ඉවත් කිරීමට රෙගුලාසි සම්පාදනය කළ බවද ජනාධිපතිවරයා කියා ඇත.
කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් අධිවේගී අන්තර්ජාල පහසුකම් රට තුළ ව්‍යාප්ත කරන බව ජනාධිපති අනුර කුමාර මහතා සඳහන් කරයි.
කහ ගෑස් ගැන කළකිරුණු පාරිභෝගිකයන්ට ලාෆ්ස් ගෑස් සමාගමෙන් විශේෂ සුබ පණිවුඩයක් - ගෑස් ගන්න යන්න කළින් අමතන්න
එමෙන්ම ඔහු අවධාරණය කළේ 2030 වන විට ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ දිවයින පුරා අධිවේගී බ්‍රෝබෑන්ඩ් අන්තර්ජාල ආවරණය පුළුල් කිරීමට සන්නිවේදන කුළුණු 700 - 800 ත් අතර ප්‍රමාණයක අවශ්‍යතාව පවතින බවයි.
ඉන් සන්නිවේදන කුළුණු 573 ක් ලබන 2028 වසර වන විට අවසන් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ඊට අමතරව ඉදිකරන නව කුළුණක් සඳහා වැය වන මුදලින් 75% ක් හෝ රු. මිලියන 35 ක් යන අගයන්ගෙන් අඩු මුදල ප්‍රදානයක් වශයෙන් ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළා.
තවද විදුලි සම්බන්ධතාවය ලබා ගැනීමට රු. මිලියන 5 ක් ලබා දෙන බවත් මේ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් "ගමට සන්නිවේදනය" වැඩසටහන ඔස්සේ රු. මිලියන 9,000 ක් වෙන් කර ඇති බවත් සඳහන් කළා.
පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී