"දෙමාපියන්ට සහ සිසුන්ට සුබ ආරංචියක්! - පාසල් අභ්‍යාස පොත්, පෙළපොත් ඇතුළු අධ්‍යාපනික මුද්‍රිත ද්‍රව්‍ය මත පනවා තිබූ VAT බද්ද ඉවත් කිරීමට 2027 අයවැයෙන් යෝජනා!

Report

පාසල් අභ්‍යාස පොත්, පෙළපොත් ඇතුළු අධ්‍යාපනික මුද්‍රිත ද්‍රව්‍ය සඳහා පනවා ඇති එකතු කළ අගය මත බද්ද (VAT) ඉවත් කිරීමට රජය 2027 අයවැය මගින් යෝජනා කර තිබෙනවා. අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, අධ්‍යාපනික ද්‍රව්‍ය ජනතාවට අඩු මිලකට ලබාදීම මෙම පියවරේ අරමුණ බවයි.

ඒ අනුව, අභ්‍යාස පොත්, පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් සඳහා VAT බද්දෙන් නිදහස් කිරීමට යෝජනා කර තිබෙනවා.

2024 ජනවාරි මාසයේ සිට මුද්‍රිත පොත් සහ අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය සඳහා VAT බද්ද පනවා තිබුණා. එමෙන්ම, සිනමා ප්‍රවේශපත්‍ර සඳහා VAT ගණනය කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමටද යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, සම්පූර්ණ ප්‍රවේශපත්‍ර වටිනාකම වෙනුවට චිත්‍රපට නිෂ්පාදකයින්, බෙදාහරින්නන් සහ සිනමාහල් හිමියන්ට ලැබෙන ආදායම් කොටස මත බදු අය කිරීමට නියමිතයි. මේ අතර, ආර්ටෙමියා බිත්තර සහ පොල් කොහු කුඩු සඳහා දැනට ලබාදී ඇති බදු සහන ඉවත් කිරීමටද රජය යෝජනා කර තිබෙනවා.

නව අපනයනකරුවන් සඳහා VAT ක්‍රියාවලිය සරල කිරීම සහ විදේශ මුදල් ගනුදෙනු සඳහා බදු ගණනය කිරීමේදී මහ බැංකුවේ දර්ශක විනිමය අනුපාතය භාවිත කිරීමද මෙම යෝජනාවලට ඇතුළත්.

මෙම බදු සංශෝධන හේතුවෙන් රජයේ ආදායම රුපියල් බිලියන 2.975කින් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර, යෝජනා 2027 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

2027 අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ඇරඹෙයි - ජනතාවට ලැබෙන සහන සහ නව රැකියා අවස්ථා ගැන රටම බලා සිටියි

2027 අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ඇරඹෙයි - ජනතාවට ලැබෙන සහන සහ නව රැකියා අවස්ථා ගැන රටම බලා සිටියි

මුළු ලංකාවටම ඊළඟ අවුරුද්දේ ඉඳන් සුබයි - අයවැය මැද රටේ ණය ගැන වද වුණ හැමෝටම ජනපතිගෙන් සුබ පණිවුඩයක්

මුළු ලංකාවටම ඊළඟ අවුරුද්දේ ඉඳන් සුබයි - අයවැය මැද රටේ ණය ගැන වද වුණ හැමෝටම ජනපතිගෙන් සුබ පණිවුඩයක්