විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සුබ ආරංචියක් - කලත්‍රයන්ට, දරුවන්ට සහ තුන්වන පරම්පරාවට නොමිලේ ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට 2027 අයවැයෙන් යෝජනා
2027 අයවැය යෝජනා යටතේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන ශ්‍රී ලාංකිකයන්ගේ කලත්‍රයන්, දරුවන් සහ තුන්වන පරම්පරාවේ සාමාජිකයන්ට නොමිලේ ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට රජය යෝජනා කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ මෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්.
ඒ අනුව, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ දෙවන සහ තුන්වන පරම්පරාව ඉලක්ක කර ගනිමින් 'ගෝලීය ශ්‍රී ලාංකික උරුම පුරවැසිභාවය' නමින් නව වැඩසටහනක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන පුද්ගලයන්ගේ කලත්‍රයන්ට සහ දරුවන්ට මෙන්ම තුන්වන පරම්පරාවේ පැවත එන්නන්ටද අදාළ ගාස්තු ගෙවීමකින් තොරව පුරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.
විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ දරුවන් සතු දැනුම, කුසලතා සහ හැකියාවන් මෙරට සංවර්ධනයට සම්බන්ධ කර ගැනීම මෙම වැඩසටහනේ තවත් අරමුණක් බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණ පරම්පරාව සහ ඔවුන්ගේ මව්බිම අතර සබඳතාව ශක්තිමත් කිරීමද මෙම යෝජනාවෙන් අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත්, මෙම වැඩසටහනේ සුදුසුකම් සහ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.