අස්වැසුම මුදල් ඉහළට - ආබාධ සහිත පුද්ගලයන්ගේ මාසික මුදල් හා රෝගී මුදල් දීමනා ඉහළට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සමාජ ආරක්ෂණය හා සවිබල ගැන්වීම උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කළේය.
එහිදී දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩයන්ට අස්වැසුම ප්‍රතිලාභ තවදුරටත් ලබා දෙමින් 2027 වසරේ දී අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණ දීමනා සඳහා රු. බිලියන 230ක් වෙන් කර ඇති අතර වකුගඩු රෝගීන් සඳහා ලබා දෙනු ලබන මාසික දීමනාව රු. 10,000 සිට 12,500 දක්වා රු. 2,500කින් ඉහළ දමා ඇත.
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රු. 10,000 සිට රු. 12,500 දක්වා රු. 2,500කින් ඉහළට දමා ඇති අතර ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 25,000ක් වේ. ආබාධ සහිත දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට රු. මිලියන 200ක් වේ.