කස්සප හිමි ඇතුළු භික්ෂූන් සිව්නමක් රෝහල් ගත කරයි - රටම නොසන්සුන් කළ රුවන්වැලි සෑ සත්‍යග්‍රහයේ නවතම විස්තරේ
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්දෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට රෝහල් ගත කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව සඳහන්.
රුවන්වැලි සෑය අභියස පැවැති සත්‍යග්‍රහ භූමියේ දී අද(12) දින උදෑසන පැවැති උණුසුම් වාතාවරණය හේතු කොටගෙන පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තුන් නමකගේ ආරක්ෂාව පතා උන් වහන්සේලා පොලිසියේ භාරයට ගෙන තිබුණු බව වාර්තා විය.
ඉන් පසු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් රෝහල් ගත කිරීමට අනුරාධපුර පොලීසිය කටයුතු කර ඇති බව සඳහන්.
ඒ අනුව වැඩිදුරටත් වාර්තා වූයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ උන් වහන්සේ ඇතුළත් කර ඇති බවටයි.
රුවන්වැලි සෑය අසළ උණුසුම් වෙයි - සුළු මොහොතකට පෙර බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් පොලිස් භාරයට - උපවාස භූමිය කුඩු කරමින් පිරිසක් කඩා පනී