ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි - පළාත් 5කට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

Report

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නොවැම්බර් 12 වැනිදා සවස 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, අද රාත්‍රියේ උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට නියමිතයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන්. හෙට දිනයේදී නැගෙනහිර පළාතේ මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල තැනින් තැන පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද කාලගුණ අනාවැකියේ දැක්වෙනවා. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තවද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවද දැනුම් දී තිබෙනවා.

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

Gallery