විශ්ව විද්‍යාල නවක වදය පිළිබඳ විශේෂ තීරණයක්

Report

විශ්ව විද්‍යාල නවක වදය හේතුවෙන් විශාල පිරිසකට ජීවිත අහිමි විය.එම නිසාම නවක වදය වෙනුවෙන් ක්‍රියාත්මකවන නීතිරීතී පිළිබදවද විශේෂ අවධානයක් යොමු වී තිබේ. ඒ අනුව  විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ලාංකිකයන්ට ජපන් රැකියා මෙන්න

ලාංකිකයන්ට ජපන් රැකියා මෙන්න

ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි දුරකථන අංකයක් හඳුන්වා දීමට යෝජනා කර ඇත. නවකවධයට ගොදුරුවූවන්ට සහ සාක්ෂිකරුවන්ට මෙම දුරකථන අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ.

එමෙන්ම විශ්වවිද්‍යාලය සහ නේවාසිකාගාර පරිශ්‍රය තුළ පොදු ස්ථානයන් නිරීක්ෂණය කිරීම සඳහා, පිවිසුම් සහ පිටවීමේ ස්ථාන, ආපනශාලා, ක්‍රීඩාගාර, ව්‍යායාම ශාලා, කොරිඩෝ ආශ්‍රිතව CCTV කැමරා සවි කිරීමටද මෙහිදී යෝජනා වී ඇත. විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද(09) ලබා දුන් නියෝගයකට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ. එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයාට නියම කෙරිණි.

මහියංගණයේ පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් - එක් දරුවෙක්ට ඒඩ්ස්

මහියංගණයේ පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක් - එක් දරුවෙක්ට ඒඩ්ස්

2020 වසරේ නවකවධය හේතුවෙන් ශාරීරික මෙන්ම මොළයට සිදුවූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින පළමු වසරේ සිසුවක වන පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළේය. මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරනු ලැබීය.

මොන අපරාධයක්ද - පත්වීම් ලැයිස්තුවේ නම් ටිපෙක්ස් එකෙන් මකලා

මොන අපරාධයක්ද - පත්වීම් ලැයිස්තුවේ නම් ටිපෙක්ස් එකෙන් මකලා