මොන අපරාධයක්ද - පත්වීම් ලැයිස්තුවේ නම් ටිපෙක්ස් එකෙන් මකලා

Report

ගුරු අධ්‍යාපනඥ සේවයට නිකුත් කළ නව පත්වීම් ලැයිස්තු සම්බන්ධයෙන්, දියරමය මකනයක් (Tipp-Ex) භාවිතයෙන් හිතාමතා වෙනස්කම් සිදු කර ඇති බවට බරපතළ චෝදනාවක් ඉදිරිපත් වී තිබේ.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

මේ හේතුවෙන් සුදුසුකම් ලත් බොහෝ පත්වීම්ලාභීන් දැඩි අසාධාරණයකට මුහුණදී ඇති බව ද වාර්තා වේ. ගිය සිකුරාදා (ජූලි 04) දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම පත්වීම් ලබාදීම සිදුකෙරිණි.

නමුත් පත්වීම් ලිපි ලබාදුන් බවට තහවුරු කරන ලේඛනයෙහි අත්සන් තැබූ ලැයිස්තුවෙහි නම් කිහිපයක් මකා නැවත ලියා ඇති බව ගුරුවරුන් විසින් සනාථ කර ඇත. ඒ අනුව, කිසිඳු නිති සම්පන්න ක්‍රියාවලියකින් තොරව, කිසිදු සාධාරණ මූලධර්මයකට නොඅනුකූලව පත්වීම් ලැයිස්තු වෙනස්කිරීම් සිදුකර ඇති බවට ඔවුන් සැක පළ කරති.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

මෙහි පසුබැසීම කිසිවෙකුගේ පෞද්ගලික හෝ සංවිධානාත්මක වාසික්‍රමයක් විය හැකි බවද ඔවුන් පෙන්වා දෙති. තවත් බරපතළ චෝදනාවක් වන්නේ, පත්වීම් ලබාදීමේදී කාර්යාල ස්ථානය, විෂය ක්ෂේත්‍රය හෝ පදිංචිය පිළිබඳ කිසිඳු සැලකිල්ලක් නොගත් බවයි.

උදාහරණයක් ලෙස, කොට්ටාවේ පදිංචි ගුරුවරියකට මින්නේරිය විදුහලකට, තාක්ෂණවේදය උගන්වන ගුරුවරයෙකුට එම විෂයය නොමැති නිත්තඹුව පීඨයකට, ගම්පහ සිටින අයෙකුට පොළොන්නරුවට සහ කටුනායක පදිංචිකරුවෙකුට කිලෝමීටර 140ක් පමණ ඈති ශ්‍රී පාද විද්‍යා පීඨයට පත්වීම් ලබාදී තිබේ.

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට

අසාධාරණයට ලක්වී ඇත්තේ බහුතරයෙන් වසර ගණනාවක් සේවය කළ, පළපුරුදු ගුරු, විදුහල්පති සහ ගුරු උපදේශකයින් බවද වාර්තා වෙයි.

ඔවුන් පෙන්වා දෙන්නේ තමන්ට පෞද්ගලික හා පවුල් වගකීම් රැසක් තිබීම නිසා නවකයන්ට වඩා දුරින් පිහිටි පාසල්වල සේවය කිරීම ප්‍රායෝගික නොවන බවයි. මේ හේතුවෙන් බොහෝ දෙනෙක් මේවනවිට තමන්ට ලබාදී ඇති පත්වීම් භාර නොගැනීමට තීරණය කරමින් සිටින බවද වාර්තා වේ.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

මෙම චෝදනා පිළිබඳව විමසීමකට පිළිතුරු ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ලැයිස්තු වෙනස්කිරීම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර, මේ වනවිට කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.