O/L සිසුවියක්ව A/L පෙම්වතා යාළුවො එක්ක දූෂණය කරලා.. අවස්ථා කිහිපයක්ම සිසුවිය නිහඬයි..

Report

ගිනිගත්හේන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11වන ශ්‍රේණියේ සිසුවියක් අවස්ථා කිහිපයකදී දූෂණයට ලක්කළ තරුණයන් දෙදෙනෙකු සහ දුෂණයට අනුබල දුන් සැකකරුවෙකු ඇතුළු තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනිගත්හේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා පැවසුවේ, මෙම සැකකරුවන් පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පාසල් සිසුවිය ගිනිගත්හේන, ගෝනවල ප්‍රදේශයේ තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පෙම්වතා හමුවීමට යන අවස්ථාවේ ඔහු විසින් ඇයව මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එහිදී පෙම්වතා සහ ඔහුගේ මිතුරෙකු ඇයව දූෂණය කළ බවට ගිනිගත්හේන පොලීසිය වෙත පාපොච්චාරණය කර ඇත.

මිත්තණිය භාරයේ සිටි සිසුවිය පසුගිය 17 වැනිදා උදෑසන නිවසින් පිටව ගොස් රාත්‍රියේ නිවසට පැමිණ ඇති අතර, එහිදී ඇති වූ සැකය මත මිත්තණිය ගිනිගත්හේන පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී සිසුවිය පොලීසියට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, එහිදී ඇය සියල්ල පාපොච්චාරණය කර ඇත.

පාපොච්චාරණය අනුව ඇය අවස්ථා කිහිපයකදී දූෂණයට ලක්ව ඇති අතර, සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව ද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16 සහ 17 වන වියේ පසුවන අතර, ඔවුන් ඊයේ (19) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ගිනිගත්හේන පොලීසිය විසින් සිදුකරමින් පවතී.