ලාංකිකයන්ට ජපන් රැකියා මෙන්න

Report

ජපානයේ වන කර්මාන්තයට අදාළ රැකියා පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම සම්බන්ධයෙන් ජපන් විශේෂ දූත කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර සාකච්ඡාවක් අද (09) පැවැත්විය.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

මෙම සාකච්ඡාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක මහතා, ජපානයේ Oita ප්‍රාන්තයේ මහජන සහයෝගිතා පදනමේ ප්‍රධානීන්, වන කර්මාන්ත සම්බන්ධ ජපන් සමාගම් නියෝජිතයින් සහ IM Japan කාර්යාලය කාණ්ඩායමද එක්ව සිටියහ.

TikTok තරුව විනිසුරුට කුණුහරපෙන් බැනලා

TikTok තරුව විනිසුරුට කුණුහරපෙන් බැනලා

මෙහිදී ශ්‍රී ලාංකික තාක්ෂණික පුහුණුලාභීන් ජපානයේ වන කර්මාන්තය සදහා යොමු කිරීමේ හැකියාව පිළිබඳව සවිස්තරයෙන් විමසනු ලැබූ අතර, තංගල්ල ජපන් පෙර පිටත් වීමේ පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන්ද පරීක්ෂා කළහ.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා ජපානයේ නියෝජිතයින්ට ස්තූතිය ප්‍රකාශ කරමින් සඳහන් කළේ, ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපන් පුහුණු අවස්ථා ලබාදීම පිළිබඳව සියලු අවශ්‍ය සහයෝගය ලබාදීමට කැමැත්තෙන් සිටින බවයි.