සරසවියකින් අධ්‍යයන කටයුතු ආරම්භ වෙන දිනය ගැන දැනුම් දීමක්

By Sithumi Dec 27, 2021 11:57 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ නව අධ්‍යයන වර්ෂය 2022 ජනවාරි මස 1 වන දා ආරම්භ වන බවය. 

2020 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත එම විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයට ලියාපදිංචි වී ඇති නවක සිසුන් සඳහා නම්නීකරණ වැඩසටහන ජනවාරි මස 1 වනදා සහ 2 වනදා යන දිනයන්හි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වේ. 

 ඒ සඳහා අවශ්‍ය තොරතුරු http://fhss.sjp.sc.lk යන පීඨ වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. සියලුම වසරවල සිසුන් සඳහා දේශන 2022 ජනවාරි මස 3 වනදා සිටි ආරම්භ කිරීමට නියමිත බව ද එම නිවේදනයේ දැක්වේ.