විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට...

Government Employee Sri Lanka Strike Sri Lanka Education
By Parami Dissanayake May 14, 2024 05:58 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ම බිඳ වට්ටමින් අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යයන කටයුතු වලට විශාල බලපෑමක් එල්ල වී ඇත.

එබැවින්, අනධ්‍යන සේවකන්ගේ වැඩ වර්ජනය පැවතිය ද සාමාන්‍ය පරිදි ඉගැන්වීම් කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවැසීය.

කොවිඩ් සමයේදීද විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා තිබුණද මාර්ගගත ක්‍රමවේදය හරහා සිසුන්ට ඉගැන්වීම් කටයුතු සාර්ථකව සිදු කළ බවත්, දරුවන්ගේ ඉගැන්වීම් කටයුතුවල දී අන්තර්ජාලය ඔස්සේ 25% ක් හෝ සිදු කළ යුතු බවට චක්‍රලේඛයන් පවා නිකුත් කර ඇති බවත් එතුමා ප්‍රකාශ කළේය.

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා...

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා...


එමෙන් ම, ආසියානු රටවල අන්තර්ජාල ඉගැන්වීම් අතර ඉහළින්ම සිටිනුයේ ලංකාව බවත්, ඒ පිළිබඳවසිදු කළ පර්යේෂණයක දී හෙළිව ඇති බව සභාපතිවරයා පෙන්වා දුන් අතර , තම ඉල්ලීම් ලබා ගැනීම සිදු කළ යුතු වුවත් එමඟින් දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට නොදැමිය යුතු බව ද එතුමා පැවසුවේය.

එමෙන් ම, විශ්වවිද්‍යාලවල පළමු වසර සඳහා මේ දිනවල සිසුන් ඇතුළත් කර ගන්නා නමුත් අනධ්‍යන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් ඊට ද බාධා මතුව ඇති බව ඔහු පැවසුවේ ය.

තවද, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කිරීමෙන් අනතුරුව ඉන් මාස දෙකකට පසුව විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කර සිසුන් ඇතුළත් කර ගැනීමට කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ReeCha