රට පුරා විශේෂ මෙහෙයුමක්..ඉන්ධන ලබා ගැනීමේදී මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.
අලුත් අවුරුදු සමයේ නීති විරෝධී වෙළඳාම් වැටලීම සදහා රට පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා පවසන්නේ, කූට වෙළෙදුන්ගේ උපක්‍රම සම්බන්ධයෙන් ජනතාවද වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.
මේ අතර ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ද මෙහිදී දැනුම්දී ඇත.
තමන් ඉන්ධන ලබා ගැනීමේදී ඉන්ධන නිකුත් කරන පොම්පයට අදාල මීටරය බිංදුවේ(0) පවතිනවාද යන්න පිළිබඳව හොදින් නිරීක්ෂණය කර ඉන්ධන ලබාගැනීමට සැලකිලිමත් වන්න.
මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා වැඩිදුරටත් පැවසුවේ, කූට වෙළෙදුන් සම්බන්ධයෙන් ජනතාවට ද තොරතුරු දැනුම් දිය හැකි බවයි.
0112182250/2251/2253 යන මෙම දුරකථන අංකයන්ට කතාකර පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව දැනුම්දීමට හැකියාව තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |