එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අද ඇරඹේ.

United Nations Ranil Wickremesinghe United States of America World
By Hashini Sep 18, 2023 03:29 AM GMT
Hashini

Hashini

Report

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අද (18) ඇමරිකාවේදී ආරම්භ වීමට නියමිතයි.

මහා මණ්ඩල සැසිවාරයට සමගාමිව පැවැත්වෙන 2023 තිරසාර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක සමුළුව ද අද ආරම්භ වෙනවා.

එම සමුළුව ලබන 22 වනදා දක්වා පැවැත්වෙනවා.

තිරසාර සංවර්ධන ඉලක්ක සමුළුව පැවැත්වෙන්නේ 2023 වෙනුවෙන් පරිවර්තනිය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින්ට මාර්ගෝපදේශ සැපයීමේ අරමුණෙනි.

මෙම සමුළුවට එක්වීමට ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) රාජ්‍ය නායකයන් කිහිපදෙනෙක් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එසේම ජනාධිපතිවරයා සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු - පැසිෆික් දුපත් රාජ්‍යයන් අතර සංවාදයට ද එක් වීමට නියමිතයි.

මහා මණ්ඩල 78 වන සැසිවාරයේ මෙවර තේමාව වී ඇත්තේ 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය,සෞභාග්‍ය,ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම හා ගෝලීය සහයෝගිතාව යළි ඇති කිරීම යන්නයි. 

ReeCha