ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් වැදගත් තීරණයක්..

Ali Sabry Sri Lanka Politician
By krishani Aug 14, 2022 07:33 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවට වත්මන් අභියෝග ජයගැනීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අඛණ්ඩව සහයෝගීතාව සහතික කර ඇත.

ඒ මෙරට සංචාරයක නිරතව සිටින එම වැඩසටහනේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් බහුවෙට් විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හමු වී අවස්ථාවේදියි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රිස්ටොෆ් බහුවෙට් ප්‍රකාශ කර ඇත්තේ විශේෂයෙන් හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍ෂේත්‍රවල වත්මන් අභියෝග ජයගැනීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join