පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් හඳුනානොගත් මත් කරල් මතුවෙයි.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කොස්තාපල්වරයකු හඳුනානොගත් මත් කරල් 56 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය කියා සිටියේ, අත්අඩංගුවට ගත් සැකකරු එහි භෝජනාගාරයට අනුයුක්තව සේවය කළ අයෙක් බවයි.
සැකකරු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබෙන බවට කළුතර පොලිසියට ලද තොරතුරක් අනුව ජේ එස් එම් බට නිවාසයේ අංක 10 දරණ කාමරයේ රැඳී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහියංගනය දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |