නිට්ටඹුව ප්රදේශයෙන් නාඳුනන මළ සිරුරක් හමුවෙයි
නිට්ටඹුව – රණවිරුගම හන්දිය අසළ නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 60–65 අතර වූ, උස අඩි 5 අඟල් 3 පමණ වන සුදු ඉරි සහිත සරමක් හැඳ සිටි පුද්ගලයෙකි.
පොලීසිය සඳහන් කරන්නේ ඔහු මුහුණ පුරා රැවුලක් වවා සිටි අයෙකු බවයි.
මෘත ශරීරය වතුපිටිවල රොහලේ මෘත ශරීරාගාරයට තැන්පත් කර ඇති අතර, නිට්ටඹුව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරමින් සිටින බවද වාර්තා වේ.