රාජ්‍ය නිලධාරීන්ගේ සදාචාරය හදන්න එක්සත් ජාතින්ගේ උදව්

United Nations Government Of Sri Lanka Latest Headlines Sinhala news
By Ashfa Jul 13, 2025 10:39 AM GMT
Ashfa

Ashfa

Report

රජය ක්‍රියාත්මක කර ඇති ඵලදායී රාජ්‍ය සේවයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සෘජු සහය ලබාදීමට කටයුතු කරන බව එහි නිත්‍ය නේවාසික නියෝජිතාව වන අසූසා කුබෝටා මහත්මිය සඳහන් කළාය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ඇය මෙම අදහස් පළ කළේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්ය.

මෙම හමුවේ දී, රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Unit - IAU) පිහිටුවීම සහ රාජ්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් UNDP ආධාරය දිගටම ලබාදීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් සවිස්තර සාකච්ඡාවක් ද පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

සෙව්වන්දිගේ මව වැලිකඩ ඇතුළෙම අවසන් ගමන් ගිහින් - හේතුව මෙන්න

මෙම ඒකක පිහිටුවීමෙන්, රාජ්‍ය ආයතන තුළ දූෂණය වැළැක්වීම විනිවිදභාවය හා වගවීම වර්ධනය කිරීම සදාචාරාත්මක පරිපාලනයක් හැදෑරීම නීතිමය ක්‍රියාමාර්ග සඳහා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගය අරමුණු වී ඇත.

එමෙන්ම, රාජ්‍ය සේවකයන්ගේ සදාචාරාත්මක හැසිරීම වැඩිදියුණු කරමින්, රාජ්‍ය ආයතන තුළ නිවැරදි සේවා සංස්කෘතියක් බිහි කිරීම සඳහා නව වැඩසටහන් හඳුන්වාදීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර තිබුණි. අසූසා කුබෝටා මහත්මිය, මෙම ක‍්‍රියාවලියට සෘජු සහය ලබාදීමට UNDP සූදානම් බව ජනාධිපති ලේකම්වරයාට සහතික කළාය.

පියුමි හංසමාලිගේ පුතාට ඇප

පියුමි හංසමාලිගේ පුතාට ඇප

මෙම අවස්ථාවට UNDP දූෂණය පිටුදැකීම පිළිබඳ විශේෂඥ ධම්මික දසනායක මහතා, සහ සංවර්ධනය සඳහා ආර්ථික සහයෝගීතා සංවිධානයේ (OECD) ඉස්තාන්බුල් දූෂණ විරෝධී සැලැස්මේ සභාපති ඩ්‍රැගෝ කොස් (Drago Kos) මහතාද සහභාගි වී සිටියහ.  

ReeCha