ඔත්තුවක් නිසා පත්තු වුන වෙඩිල්ල... මෙන්න ඇත්ත

Napoleon CID - Sri Lanka Police Sri Lanka Police Crime
By Akash Mar 15, 2025 09:45 AM GMT
Akash

Akash

Report

අම්බලන්ගොඩදී ඊයේ (14) රාත්‍රියේ පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු දෙන බවට ඇතිවූ සැකය මත සිදුවූවක් බවට පොලීසිය සැක පළ කරනවා.

ඊයේ රාත්‍රී 6:45ට පමණ අම්බලන්ගොඩ, ඉඩම්තොට බුදු මැදුර අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා. වෙඩිවැදීමෙන් එම ස්ථානයේ සිටි ක්‍රිෂාන්ත මෙන්ඩිස් හෙවත් පොඩි සුද්දා නමැත්තා ජීවිතක්ෂයට පත් වූ අතර 45 හැවිරිදි ඔහු සිව්දරු පියෙකු වන අතරම ඔහු ප්‍රදේශයේ කුලීවැඩ කරමින් ජීවත්ව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම ඔහුට විරුද්ධව කිසිඳු අපරාධමය චෝදනාවක් නොමැති බවත් ඉතා සාමකාමී අයුරින් ප්‍රදේශයේ ජීවත් වූවකු බවත් පොලීසිය සඳහන් කරනවා.

නමුත් ඔහු ප්‍රදේශයේ සිදුවූ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදෙන බවට ඇති වූ සැකයක් මත සමන් ප්‍රියන්ත හෙවත් සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වය මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන කෙරෙනවා.

මේ අතර ඝාතනයට ලක්වූ පුද්ගලයාට සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වයේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් පසුගිය ජනවාරි මාසයේ පහරදීමක් ද සිදුකර ඇති බව වාර්තා වෙනවා.

2016 වසරේ දෙසැම්බර් මස 05 වැනිදා ද අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේදී පොලීසියට ඔත්තුදීමේ සැකය මත එකම පවුලේ පියා, මව සහ සිව් හැවිරිදි දරුවෙකු සමන් කොල්ලා නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් වෙඩිතබා ඝාතනය කර ඇත.

ReeCha