ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘Time - Out’ ලෙස මැතිව්ස්ව, පිටියෙන් එළියට දැමූ විනිසුරු එරාස්මස්ට සිදුවූ දේ..
බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ගේ ඉල්ලීම පරිදි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් ‘Time - Out’ ක්‍රමයට පිටියෙන් එළියට දැමූ විනිසුරු මොරිස් එරාස්මස් එම තනතුරෙන් විශ්‍රාම ගොස් තිබෙනවා.
ඒ ඊයේ (14) නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හී පැවති නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 2 වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.
එනම්, වසර 146ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ නියමිත වේලාවට තණතිල්ලට පැමිණ පන්දුවට පහර නොදීමේ චෝදනාව මත (Timed Out) දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු මොරිස් එරාස්මස් කටයුතු කළ ආකාරය පිළිබඳ ක්‍රිකට් ලොව මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබුවා.
ක්‍රිකට් විචාරකයෝ චෝදනා කළේ, එලෙස මැතිව්ස් දවා ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයට එරෙහි ඉතාම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවයි, ඉන් හරියටම මාස 4ක් ගෙවී යද්දීයි මෙලෙස මොරිස් එරාස්මස් විනිසුරු දිවියට තිත තැබීමට තීරණය කරනු ලැබුවේ.
