වසර 8 කට පෙර 286 කට මරු කැදවූ අනතුරට සම්බන්ද වූවන්ට දුන් දඩුවම..

Ukraine
By Sithumi Nov 17, 2022 04:32 PM GMT
Sithumi

Sithumi

Report

08 වසරකට පෙර නැගෙනහිර යුක්‍රේන ගුවන් සීමාවේදී මගී ගුවන්යානයක් මිසයිල ප්‍රහාරයකින් බිමහෙළීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත අධිකරණයක් මගින් පුද්ගලයින් තිදෙනෙක් වැරදිකරුවන් බවට පත් කර තිබෙනවා.  

එම අනතුරෙන් ගුවන් මගීන් 298 දෙනෙක් මරණයට පත් වූ අතර අධිකරණයේදී හෙළිවී ඇත්තේ රුසියානු සහාය ලැබූ සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයින් රුසියාව විසින් සපයා තිබූ මිසයිලයක් යොදාගෙන අදාළ ප්‍රහාරය එල්ල කර තිබු බවයි. 
  

 
විනිසුරුවරුන් විසින් රුසියානු ජාතිකයින් දෙදෙනෙක් සහ යුක්‍රේන ජාතිකයෙක් වැරදිකරුවන් බවට තීරණය කරමින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ අතර තවත් එක් රුසියනුවෙක් නිදහස් කළ අතර විත්තිකරුවන් නඩු විභාගයට සහභාගී නොවුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now