සැක සහිත ජීප් රථය ගැන එළියට ආ ඇත්ත..
රජයේ රස පරීක්ෂකවරයා විසින් අද (15) වාරියපොළ ප්‍රදේශයේ තිබී පොලිස් භාරයට ගත් සැකසහිත ජීප් රථය නීතිවිරෝධී ආකාරයට කොටස් එකලස් කර සාදන ලද්දක් බවට තහවුරු කර තිබේ.
පසුගිය සතියේදී මෙම ජීප් රථය කුරුණෑගල කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් වාරියපොළ නගරයේ තිබී සිය භාරයට ගෙන තිබුණි. පොලීසිය පැවසුවේ, එම ජීප් රථයේ හිමිකරු වාරියපොළ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වැලි ව්‍යාපාරිකයෙකු බවයි.
මෙම ජීප් රථයට අදාළ වලංගු ලිපි ලේඛන කිසිවක් තිබී නොමැති අතර එය දිගු කාලයක සිට වාරියපොළ පොලිස් බල ප්‍රදේශය තුළ ධාවනය කරවා ඇති බව වාර්තා වනවා.
ජීප් රථය ධාවනය කරන කිසිදු අවස්ථාවක වාරියපොළ පොලීසියේ රථවාහන අංශයේ පරීක්ෂාවට ලක්වී නොතිබූ බවද වාර්තා වෙයි.
මෙහිදී, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ කටයුතු වාරියපොළ පොලීසියෙන් ඉවත් කර සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ කුලියාපිටිය පොලීසිය වෙත පවරා තිබුණි.
ඒ අනුව, අදාළ රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
