උසස් පෙළත් කල් දැම්මේ නෑ.. සාමාන්‍ය පෙළ කල් යයි?. දරුවන්ට මේ පාර වෙන බරපතළ අසාධාරණයක්?..(VIDEO)

Report

2025 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබෙනවා.

එලෙස පැවසුව ද එය නිශ්චිතවම පැවැත්වීමට සිදුවන්නේ මැයි මාසයේ බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ ය.

නව පාසල් වාරය පටන් ගන්න ඔන්න මෙන්න තියෙන පසුබිමක.. වුණ දෙයක්.. ගුරු සංගමයත් මැදිහත් වෙලා කීව දෙය මෙන්න..

නව පාසල් වාරය පටන් ගන්න ඔන්න මෙන්න තියෙන පසුබිමක.. වුණ දෙයක්.. ගුරු සංගමයත් මැදිහත් වෙලා කීව දෙය මෙන්න..

බිත්තර සුදු මදෙයි කහ මදෙයි එක වගේ නෑ.. හැමදාම කන එක හොඳයි ද?. කෑවට මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?.

බිත්තර සුදු මදෙයි කහ මදෙයි එක වගේ නෑ.. හැමදාම කන එක හොඳයි ද?. කෑවට මෙහෙමයි කියලා දැනගෙන හිටියේ නෑ නේද?.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (23) පෙරවරුවේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පෙර පවත්වන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පනත් සම්පාදනය පිළිබඳ ඔහුට පවතින අනවබෝධය මත සිදුකළ ප්‍රකාශයක් බව හිටපු මන්ත්‍රීවරයා සදහන් කළේ ය.

එමෙන්ම, මාර්තු මස 15 වෙනිදා ආරම්භ වී අප්‍රේල් 5 වෙනිදා අවසන් වෙන සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතරතුර පුංචි ඡන්දය පැවත්වීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව ඒ මහතා පැවසීය.

එවන් පසුබිමක රට තුළ මෙන්ම, ගේ තුළ ද පවතින කලබලකාරී වටපිටාව කඩයිම් විභාගයට දරුවාට බාධාවක් වන බව ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වැවැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ මෙවැන්නකී,

.