එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තවත් ගුවන් යානා 02ක් කටුනායකට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් තවත් ගුවන් යානා 02ක් අද දින (3) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.
එසේ අබුඩාබි නුවර සිට දිවයිනට ළඟා වූයේ එරට ගුවන් හමුදාවට අයත් විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් වන C-17 වර්ගයේ යානායි.
මෙම භාණ්ඩ තොගය අතර ආපදා සහන මෙහෙයුම් සඳහා යොදාගන්නා වාහන සහ ආහාර වන බව සඳහන්.
මේ අතර එම ආධාර තොගය භාරගැනීම සඳහා මෙරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.