අවදානම ඉවර නෑ - පොලීසියෙන් විශේෂ දැනුවත් කිරීමක්
පස් කදු කඩා වැටීමෙන් අවහිර වී තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කදු ඉවත් කිරිමෙන් අනතුරුව රථ වාහන ධාවනයට එක් මන්තීරුවක් විවෘත කර තිබෙනවා.
එසේ විවෘත කර ඇති පස් කදු සහිත ස්ථානවල රථවාහන ධාවනය කිරිමෙදි වාහන නතර නොකරන ලෙසටත් එම ස්ථානවල පස් කදු යළිත් කඩා වැටීමේ අවධානමක් ඇති බැවින් එම ස්ථානවල පයින් හෝ ගමන් නොකරන ලෙසත් හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා ඇත.
ඒ අනුව හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය සහ නාවලපිටිය දක්වා රථවාහන ධාවනයට මාර්ගය විවෘත කර තිබෙන අතර, නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගල් බෝක්කුව ප්‍රදේශයේ කැඩි ගිය මාර්ගය පිලිසකර කිරිමේ කටයුතු මේ දිනවල සිදු කරයි.
මේ අතර ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ මාර්ගයේ විශාල කොටසක් නාය ගොස් ඇති නිසා එම මාර්ගයේද රථ වාහන ධාවනය සිදු කළ නොහැකි බව වාර්තා වේ.
එසේම කොත්මලේ සහ වළපනේ යන ප්‍රදේශවලට පිවිසෙන මාර්ග සම්පූර්ණයෙන්ම නාය ගොස් ඇති නිසා එම මාර්ග ප්‍රතිසංස්කරණය කරන තෙක් රථවාහන ගමනා ගමනය ඇනහිට ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළා.