පීඩාවට පත් ලාංකිකයන් සඳහා ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට [PHOTOS]
පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා, පූර්ණ ක්‍රියාකාරී ක්ෂේත්‍ර රෝහලකින් සමන්විත ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් 2025 දෙසැම්බර් මස 02 දින එනම් ඊයේ දින මෙරටට පැමිණ ඇත.
ඒ අනුව මෙම කණ්ඩායම මහියංගනය ප්‍රදේශයේ සහන සේවා කටයුතුවල නිරත වීමට නියමිතව ඇත.
එසේම එහිදී ඔවුන් ගංවතුර හා ඒ ආශ්රිත ආපදාවලින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, හදිසි සත්කාර සහ අනෙකුත් මානුෂීය ආධාර ලබා දෙනු ලබන බව ද සඳහන්.
මෙම කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි අතර යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ටිරල් ද සිල්වා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නෙගි විසින් පිළි ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්දීය හමුදා වෛද්‍ය බලකා කණ්ඩායමේ මෙම පැමිණීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින කලාපීය හවුල්කාරිත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.










