ඉස්සර කරන්න ගිහින් වුණු මහා විපතක් - කොළඹ-නුවර පාරේ බටලීය මංසන්ධිය ලෙයින් තෙත් කරමින් තරුණ ජීවිත දෙකක් නැතිවෙයි
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ බටලීය මංසන්ධිය ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇත,
පොලිසිය පැවසුවේ කොළඹ දෙස සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක, යතුරුපැදිය ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයකට යතුරුපැදිය යටවීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් බලපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් අනතුරව මියගොස් ඇත මෙලෙස මියගොස් ඇත්තේ 20 හා 21 යන වයස්වල පසුවූ රදාවඩුන්න ප්‍රදේශයේ පදිංචි සිටි තරුණයින් දෙදෙනෙකි.
යතුරුපැදිකරු බස්රථයට ඉස්සර කිරීමට යාමේදී එම බස්රථයේ සහ ලොරි රථයක ගැටී එයට යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ