මහනුවර සහ බස්නාහිර ඩෙංගු දැඩි අවදානමක - මදුරු කීටයන් සෙවීමේ විශේෂ මෙහෙයුම මෙන්න

Report

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමත් සමග ඩෙංගු මදුරු කීටයන් බෝ වන ස්ථාන විනාශ කිරිමේ වැඩසටහන් අද (11) දිනයේත් ස්ථාන රැසකදීම පැවැත්වේ දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඒ අතුරින් ද වැඩිම රෝගීන් පිරිසක් හමුවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි .

ඩෙංගු මර්දනයට නාවික හමුදාව ද එක්ව සිටිනවා. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ පොලිසියේ පරිසර ආරක්ෂණ අංශය එක්ව සංවිධාන කළ ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ප්‍රදේශ කිහිපයකදීම ක්‍රියාත්මක   කරන ලදි

මෝදර, බොරැල්ල, කෝට්ටේ, පිටකෝට්ටේ, පානදුර, මහර සහ වත්තල යන ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂාවට ලක්කරන ලදි ඩෙංගු ව්‍යාප්තියත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වේ තෙල්දෙණිය පොලිස් අධිකාරී කාර්යාලය මෙහෙයවීමෙන් මැණික්හින්න නගරයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

කුන්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, මැණික්හින්න වෙළද සංගමය හා ත්‍රී රෝද රථ සංගමයේ සහාය ද මේ සඳහා ලැබී තිබුණි මහනුවර නගරයේ ඩෙංගු අධි අවදානම් කලාපවල ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

  මහනුවර මහ නගර සභාවේ මූලිකත්වයෙනුයි මෙය ක්‍රියාත්මක කර තිබේ . නගරය ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව නගර සභාවේ සෞඛ්‍ය අංශය පෙන්වා දී තිබේ.