අමු අමුවේ දස වද දී බන්ධනාගාර නිලධාරින් මැරූ 200ක් අදුනගෙන - ඔවුන් සියල්ලටම කරන්න යන දේ මෙන්න

Report

මීගමුව බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් අටදෙනෙකු (08) අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ රැඳවියන් දෙසීයකට (200) ආසන්න පිරිසකට ඉදිරියේදී මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම දරුණු අපරාධය 'සුරේෂ්' සහ 'බූරුමූණා' ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දහතුන්දෙනෙකු (13) විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් පුළුල් විමර්ශන පවත්වමින් සිටින අතර, අපරාධයට සම්බන්ධ සැකකරුවන් නිවැරදිව හඳුනා ගැනීම සඳහා බන්ධනාගාරයේ ආරක්ෂිත කැමරා ඇතුළු වීඩියෝ දර්ශන ද උපයෝගී කරගන්නා බව CID ය සඳහන් කරයි.

මෙම කලහකාරී අවස්ථාවේදී අපරාධය මෙහෙයවූ සැකකරුවන් අතට ගිනිඅවි සහ ආයුධ කිහිපයක් පත්ව ඇති අතර, එම අවි ආයුධ ඔවුන් අතට පත්වූයේ කෙසේද යන්න මෙන්ම මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන අවි ගබඩාවේ ඇති අවි ආයුධවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ද පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ පිළිබඳව අපරාධ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳව සෑම අංශයකින්ම පරීක්ෂණ පවත්වන බවත්, විමර්ශන නිමා වූ වහාම වරදකරුවන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර නඩු පවරන බවත්ය.

මට හැමදේම නැති වුණා මිස්ටර් කොත්තු අඩියටම වැටිලා - තමා සතු වටිනා දේවල් කෝටි ගානකට විකුණයි

මට හැමදේම නැති වුණා මිස්ටර් කොත්තු අඩියටම වැටිලා - තමා සතු වටිනා දේවල් කෝටි ගානකට විකුණයි

මේ අතර, දිවයින පුරා පිහිටි බන්ධනාගාර 16 ක සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා සිටින බැවින්, බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් කෙරෙහි අවධානය යොමු කර තිබේ.