වහාම කැදවන්න යැයි විශේෂ නියෝගයක් - බන්ධනාගාර ලොක්කන් මානව කොමිසමට
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්රධාන ජේලර්වරයා ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
පසුගිය 7 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාර පරිශ්රයට ඇතුළු වීමට අවසර නොදී එය ප්රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු විමසීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.
කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ පසුගිය 8 වැනිදා බාධාවකින් තොරව තමන්ට වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වීමට අවසර ලැබුණ ද, වඩාත්ම තීරණාත්මක දිනය වූ 7 වැනිදා ප්රවේශය ප්රතික්ෂේප කිරීම බරපතළ ගැටලුවක් වූ බවයි.
ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ සිදු වූ බව කියන අදාළ චෝදනා පිළිබඳව ඵලදායී සහ කාලීන විමර්ශනයක් සිදු කිරීමට තිබූ වටිනා අවස්ථාව තමන්ට අහිමි වී ගිය බව ද මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරයි.