මුළු රටේම විදුලිය බිද වැටේ - රජයට දැඩි බලපෑමක් සමඟ ජනතාව වීදී බහියි
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරිපාලනය විසින් පනවන ලද ඉන්ධන අවහිර කිරීම් මධ්‍යයේ, සතියකටත් අඩු කාලයක් ඇතුළත කියුබාව පුරා දෙවන වරටත් සම්පූර්ණ විදුලි බිඳවැටීමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කියුබාවේ විදුලිබල පද්ධතිය භාර රාජ්‍ය ආයතනය වන ප්‍රකාශ කළේ ඊයේ (10) එරට වේලාවෙන් පස්වරු 4:30 ට පමණ මෙම හදිසි විදුලි බිඳවැටීම ආරම්භ වූ බවයි.
කෙසේ වෙතත්, මෙම බිඳවැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත. පසුගිය සඳුදා සිදු වූ මෙවැනිම විදුලි බිඳවැටීමකින් පසුව මෙම නවතම තත්ත්වය වාර්තා වූ අතර, ඒ අනුව මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා කියුබාව පුරා සිදුවූ සමස්ත විදුලි බිඳවැටීම් සංඛ්‍යාව හතරක් (04) දක්වා ඉහළ ගොස් තිබේ.
මෙයට පෙර සිදුවූ අනෙක් සම්පූර්ණ විදුලි බිඳවැටීම් දෙක මාර්තු මාසයේදී වාර්තා වී තිබුණි. කියුබාවේ පවතින විදුලි පද්ධතිවලින් බහුතරයක් 1960 සහ 1980 අතර සමයට අයත් පැරණි ඒවා වන අතර, ඒවා දිනෙන් දින දිරාපත් වෙමින් පවතින බැවින් විදුලිය විසන්ධි වීම් එහි සාමාන්‍ය තත්ත්වයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
රජයෙන් විශේෂ තීරණයක් - විශ්‍රාම වැටුපේ නව වෙනසක් සමඟ මුදල් එක පාර සහ ටික ටික ගන්නත් පුලුවන් නව ක්‍රමයක්
කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබාවට ලැබෙන විදේශීය තෙල් සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ, පසුගිය ජනවාරි මාසයේ සිට එරට බලශක්ති අර්බුදය තවදුරටත් දැඩි ලෙස උග්‍ර වී ඇත.