වෙඩිතැබීමේ සිද්ධි දෙකක් සදහා සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

Sri Lanka Police Gun Shooting Gun Violence Latest Headlines Sinhala news
By Ashfa Sep 03, 2025 02:56 AM GMT
Ashfa

Ashfa

Report

ඊයේ (02) දින මීටියාගොඩ සහ බණ්ඩාරගම පොලිස් වසම්වලදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිවලට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය වාර්තා කරයි.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

ඊට අනුව එහි පළමු සැකකරු පෙරේදා (01) දින මීටියාගොඩ පොලිස් වසමේ මලවැන්න පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් අයෙක් බව සැකකර අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා තලවකැලේ කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් තලවකැලේ පොලිස් වසමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන ළිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.

මධ්‍යම අධිවේගයේ මාරක අනතුරින් දෙදෙනෙක් මරුට

මධ්‍යම අධිවේගයේ මාරක අනතුරින් දෙදෙනෙක් මරුට

අනෙක් වෙඩි තැබීමේ සිදුවීම අගෝස්තු 21 වන දින බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම ආසන්නයේ සිදුවූ අතර ඊට ආධාර අනුබල දුන්නේ යැයි වයස අවුරුදු 23ක් වන හිරණ, පානදුර ප්‍රදේශයේ ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස සැකකරු පානදුර දකුණ පොලිස් වසමේ හිරණ ප්‍රදේශයේදී කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.