පන්ති නෑ කියලා පන්සලට ගිහින් අතු ගගා හිටිය දරු දෙන්නෙක්ට විහාරාධිපති හිමි නම කළ දෙයක්.. (VIDEO)

Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani May 04, 2024 04:59 PM GMT
krishani

krishani

Report

වැලිගම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය පාසල් සිසුවෙකුට සහ සිසුවියකට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි විසින් අමානුෂික ලෙස පහර දී ඇති පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

පන්ති නෑ කියලා පන්සලට ගිහින් අතු ගගා හිටිය දරු දෙන්නෙක්ට විහාරාධිපති හිමි නම කළ දෙයක්.. (VIDEO) | Two Students Were Assaulted At Waligama

ඔවුන් එලෙස එම විහාරස්ථානයට ගොස් ඇත්තේ උපකාරක පන්තිය සඳහා ගොස් එම පන්තිය නොපැවැත්වීම නිසා ය.

ඒ බව අදාළ සිසුවාගේ දෙමව්පියන් සඳහන් කළේ ය.

ඒ හේතුවෙන් එම සිසුවාට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පවා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ද වාර්තා වේ.

එම සිද්ධියට සම්බන්ධ භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

වැලිගම ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය ලබන එම සිසුවා පසුගිය 25 වනදා සාමාන්‍ය පෙළ විභාග අයදුම් පත්‍ර සඳහා අත්සන් තැබීමට යැයි පවසා නිවසින් පිටව ගොස් ඇත.

පසුව සිසුවා උපකාරක පන්තියකට සහභාගීවන බව පවසා ගොස් ඇත.

එහිදී උපකාරක පන්තිය නොපැවැත්වීම නිසා ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකට සිය මිතුරියක් සමග ගොස් තිබෙනවා.

එහිදී අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමි විසින් එම සිසුවාට හා ඔහු සමග ගිය මිතුරියට ඉදලකින් පහර දී තිබුණේ ය.

 වීඩියෝ දර්ශන - Ada Derana


.