රාජපක්ෂවරු කොහොම ගසා කාලද කිව්වොත් අධිවේගී මාර්ගයෙන් ගෙදරටත් අන්තර් හුවමාරු හදාගෙන

Report

බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටි එකම සේවා කලාපය රාජපක්‍ෂ පාලන කාලයේදී වර්ෂ 99 කට රුපියල් 10,000 කට බදු දී ඇති බව පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ අද (20) දින පාර්ලිමේන්තුවේදී බව සඳහන්.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ඒ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එවකට බලයේ සිටි පුද්ගලයන් සිය “නිවෙස්වලට යාමට පහසු” වන ආකාරයට අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ඉදිකර ඇති බවයි.

මෙයට උදාහරණ වශයෙන් අමාත්‍යවරයා දැක්වූයේ මාතර – ගොඩගම අන්තර් හුවමාරුව කිලෝමීටර් 5ක් ඈතින් කපුදූවේ ඉදි කර ඇති බවයි.

ඒ අනුව එය කොළඹට යාමට-ඒමට “රණවක” යන අයෙකුගේ පහසුව වෙනුවෙන් ඉදිකර ඇති බවත් කියයි.

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

තවද බෙලිඅත්ත අන්තර් හුවමාරුව කිලෝමීටර් 6ක් ඈතින් දැඩිගම ඉදි කර ඇති බවද දක්වයි.

ඒ අනුව රුපියල් කෝටි 100ක් පමණ මුදලක් මෙම එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට වැය වන බවද අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇත.

එසේම ඔහු චෝදනා කළේ එම අකටයුතුකම් කළ අයම වර්තමානයේ බණ දේශනා කිරීමට ඉදිරිපත් වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මූලික ඉදිකිරීම්වලදී බොහෝ වෙනස්කම් සිදුව ඇති බවද ඔහු පවසා ඇති බව වාර්තා වේ. 

එකට ජිල්මාට් ගහලා කෙළ වුණාට පස්සෙ බෝලෙ පාස් කරන රනිල් - බෙහෙත්වල සම්පූර්ණ වගකීම කෙහෙළියගේ

එකට ජිල්මාට් ගහලා කෙළ වුණාට පස්සෙ බෝලෙ පාස් කරන රනිල් - බෙහෙත්වල සම්පූර්ණ වගකීම කෙහෙළියගේ