මාලිමාවට හික් ගෑවෙද්දි සභාපතිකම් ගන්න කරපුවා ගැන රෝහණ කට අරී, විපක්ෂෙට ඇඩ්වාන්සුත් දීලා

Parliament of Sri Lanka Sri Lanka Politician National People's Power - NPP Sinhala news Breaking News
By Kaushi Jun 20, 2025 12:17 PM GMT
Kaushi

Kaushi

Report

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් අද (20) දින පාර්ලිමේන්තුවේදී මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය පිළිබඳව බරපතළ චෝදනාවක් කර ඇති බවට වාර්තා වේ.

එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ජාතික ජනබලවේගය (NPP) පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට සභාපති ධුරය ලබා ගැනීමට සහයෝගය දුන් විපක්ෂ මන්ත්‍රීවරයෙකුට රුපියල් ලක්ෂ 50 ක මුදලක් පොරොන්දු වී ඇති බවයි.

එකට ජිල්මාට් ගහලා කෙළ වුණාට පස්සෙ බෝලෙ පාස් කරන රනිල් - බෙහෙත්වල සම්පූර්ණ වගකීම කෙහෙළියගේ

එකට ජිල්මාට් ගහලා කෙළ වුණාට පස්සෙ බෝලෙ පාස් කරන රනිල් - බෙහෙත්වල සම්පූර්ණ වගකීම කෙහෙළියගේ

එම මුදලෙන් මේ වන විටත් රුපියල් ලක්ෂ 15 ක අත්තිකාරම් මුදලක් ලබා දී ඇති බවත් සඳහන් කර ඇත.

මෙහිදී රෝහණ බණ්ඩාර මහතා වර්තමාන ආණ්ඩුව පළාත් පාලන ආයතනවල බලය තහවුරු කර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ කොන්ද කඩා ඇති බවට චෝදනා කර සිටියා.

ඒ අනුව ඔහු වැඩිදුරටත් මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ඡන්ද විමසීම පැවැත්වීම වෙනුවෙන් පැමිණි පළාත් පාලන කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද කරුණු පැහැදිලි කර ඇත.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

ඔහු පෙන්වා දුන්නේ සභාපති ධුරයට මන්ත්‍රීවරුන් දෙදෙනෙක් යෝජනා වී තිබෙන මොහොතෙත් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් “තවත් යෝජනා තිබේද?” යනුවෙන් ඇසූ බවයි.

එහිදී ජාතික ජනබලවේගයේ (මාලිමාව) මන්ත්‍රීවරුන් අවස්ථා දෙකකදී රහස් ඡන්දයක් අවශ්‍ය බවට යෝජනා සම්මත කරගෙන තිබෙනවා.

එමෙන්ම විපක්ෂය ද විවෘත ඡන්ද විමසීමක් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් අවසානයේදී සභාපති ධුරය වෙනුවෙන් වූ ඡන්ද විමසීමට අදාළව විවිධ යෝජනා හතරක් ඉදිරිපත් වීම හාස්‍යජනක තත්ත්වයක් ලෙස රෝහණ මන්ත්‍රීවරයා පවසයි. ඔහු අවධාරණය කළේ මෙම සිදුවීම් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට හානිකර විය හැකි බවයි.

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ReeCha