බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් පළා යයි...
By Parami Dissanayake
අද (28) කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් නීති කටයුත්තක් උදෙසා වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යමින් සිටිය දී බන්ධනාගාර නිලධාරින් තල්ලුකර පළාගොස් ඇති වාර්තා වේ.
එක් සැකකරුවකු ගෝනපොළ පදිංචි රොෂාන් අසංක කන්දප්පා නමැති අයෙක් වන අතර අනෙක් සැකකරු හොරණ දවුලගලවත්ත පදිංචි ජේ.ඩී.චන්න ප්‍රබෝද නමැති අක් වන අතර, ඔවුන් අවුරුදු 24 සහ 29 වන වයස්වල පසු වන්නන් බව සඳහන් වේ.
එමෙන් ම, මොවුන් දෙදෙනා මාංචු සමඟ ම පළාගොස් ඇති අතර ඔවුන් සොයා වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.