නිධානයක් ගැන කියු තරුණයා දියඇල්ලෙන් වැටෙයි

accident dead Hali ala Rila alla Suvasarya
By Sewvandhi Oct 09, 2021 08:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හාලිඇල, රිලා ඇල්ල නැරඹීමට ගිය තරුණයන් දෙදෙනෙකු එම ඇල්ලෙන් පහළට ඇද වැටී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (08) රාත්‍රියේ තරුණයන් සිව්දෙනෙකු රිලා ඇල්ල අසල මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහි සිටි තරුණයින් දෙදෙනෙකු බීමතින් ඇල්ල නැරඹීමට ඒ අසලට ම ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ජල පහරට හසුව ඔවුන් දෙදෙනා අඩි 200ක් පමණ පහළට ඇද වැටී දියේ ගිලී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. දියේ ගිලී සිටි තරුණයින් දෙදෙනා ප්‍රදේශවාසීන් විසින් ගොඩ ගෙන සුවසැරිය ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට කටයුතුකර ඇති නමුත් ඒ වනවිටත් ඔවුන් දෙදෙනා මියගොස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 26 සහ 36ක වීරකැටිය සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන් බදුල්ල - මහනුවර මාර්ගයේ සංවර්ධන කටයුතු වල නිරත කොන්ත්‍රාත් සමාගමක සේවකයන් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයන් දෙදෙනාගේ මෘත දේහ බදුල්ල රෝහල වෙත රැගෙන ඒමෙන් පසු කොරෝනා පරීක්ෂණ වලට ද ලක් කර තිබෙනවා. එම වාර්තා ලැබීමෙන් අනතුරුව හෙට (10) දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය සේවකයන් දෙදෙනා සමග මත්පැන් පානය කල සෙසු සේවකයන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now