කුරිරු ලෙස සිදු කළ මනුෂ්‍ය ඝාතන දෙකක්

Alpitiya Bulath Sinhala Pituvala Pahalavadi Vaththa Govinna
By Sewvandhi Oct 09, 2021 04:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇල්පිටිය, පිටුවල පහළවාදී වත්ත, දෙකේ කුණුව ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී පුද්ගලයෙකුගේ ශරීර කොටස් කිහිපයක් ඊයේ (08) රාත්‍රියේ ඇල්පිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී මෙම ශරීර කොටස් සොයාගෙන ඇති අතර ඒ අසල තිබී ඇඳුම් කැබලි කිහිපයක් ද සොයා ගැනීමට පොලිසියට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අස්ථි කොටස් සොයාගත් ස්ථානය ඊයේ රාත්‍රියේ ම මහේස්ත්‍රාත්වරයා පරීක්ෂාවට ලක්කර ඇති අතර වැඩිදුර පරික්ෂණ සඳහා අදාල ශරීර කොටස් ඇල්පිටිය රෝහල වෙත යොමුකර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

එමෙන්ම , බුලත්සිංහල පොලිස් වසමේ අක්කර තුන ප්‍රදේශයේ දී ඊයේ (08) වැනි දින මනුෂ්‍ය ඝාතනයක් සිදු වී තිබෙනවා.

සිය නිවස තුළ මෙසේ ඝාතනය කර තිබුණේ ,වයස අවුරුදු 54ක බුලත්සිංහල - ගෝවින්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු ව මෘත ශරීරය හොරණ මූලික රෝහලේ තබා ඇති අතර,

ඝාතනය පිළිබඳ ව මිය ගිය කාන්තාවගේ අනියම් සැමියාව සැකපිට අත් අඩංගුවට ගත් බව වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධ ව වැඩිදුර පරීක්ෂණ බුලත්සිංහල පොලිසිය විසින් සිදු කරනු ඇති.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now