දුරුතු පොහොයදා මිලියන දෙකක මත්පැන් තොගයක් අත්අඩංගුවට ....(
දුරුතු පොහොය නිමිතිකරගෙන දිවයින පුරා කළසෝදිසි මෙහෙයුම් වලදී නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදුන ස්ථාන , රජයේ අරක්කු හා විදේශීය මත්පැන් අලෙවි කරන ස්ථාන වටලා රුපියල් මිලියන දෙකක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 135 දෙනෙකු කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් එ්කකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ අයසොප්‍රොපයික් මධ්‍යසාර මිලි ලීටර් 940 000 ක් ,නීති විරෝධී ලෙස නිෂ්පාදිත මත්පැන් මිලි ලීටර් 300000 ක්,කපිස්පු ස්ප්‍රීතු මිලි ලීටර් 267150 ක්,මහරා මිලි ලීටර් 100600ක්,රජයේ අරක්කු මිලි ලීටර් 26805 ක්,විදේශීය මත්පැන් මිලි ලීටර් 61670 ක්,බදු නොගෙවු සිගරැට් සන්තකයේ තබා ගැනීම් 280 ක් තිබු බව කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
සුරාබදු නිලධාරීන් මේ මස 27 හා 28 යන දෙදින තුළ කළුතර ,මිනුවන්ගොඩ,අළුත්ගම ,මොරටුව,මතුගම ,කුලියාපිටිය,කොළඔ යන ප්‍රදේශවල කළ වැටලීම් වලදී බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ ආපනශාලා 12 ක්ද වටලා මත්පැන් තොග පිටින් අත්අඩංගුවට ගැනීමටද සමත්වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී අදාල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ .ගුණසිරි මහතාගේ උපදෙස් මත, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ,කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී චන්න වීරක්කොඩි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ,කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂකවරුන්වන එච්.ජී.පී රණවීර,රාජපක්ෂ ,එම්.ඩබ්ලිව් සුමිත් ප්‍රේමකුමාර ,කුමාර,වරණ්තිලක,වසන්ත අකිල රත්මලවින්න,සැරයන්වරුන්වන ඩයස්,නජිත්සිං,කුරුප්පු,කෝප්‍රල්වරුන්වන විරසිරි ,සේරසිංහ ඉන්දික සමරවීර,නුගේගොඩ,ජයතිලක,සිරිතුංග,සිසිල් ,පනාගොඩ,කුමාර,හර්ෂ,අනුර,ගුණරත්න,පෙරේරා,සිලිත,නිලන්ත නියාමක රමිත,දේශාන්,කාන්තා නියාමිකා ප්‍රනාන්දු ,රියදුරු එදිරිසිංහ,හේරත්,අතුකෝරළ ,සෙනරත් යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.


