යුක්තියේ මෙහෙයුමේ රාජකාරී කළ නිලධාරින් දෙදෙනෙක් අත්අඩංගුවට...

By Parami Dissanayake Aug 22, 2024 04:38 PM GMT
Report

රථවාහන නඩුවකින් බේරාදීම සඳහා රුපියල් හයදහසක මුදල් අල්ලසක් ඉල්ලා කසිප්පු නඩුවක් ද සොයාදෙන්නැයි කියූ බව කියන බෙන්තොට පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට ඊයේ (21 වැනිදා) ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවරගෙන තිබෙනවා.

තායිලන්තයේ උතුර ප්‍රදේශයට ගංවතුර අවදානමක්...

තායිලන්තයේ උතුර ප්‍රදේශයට ගංවතුර අවදානමක්...

මෙම නිලධාරීන් දෙදෙනා පසුගිය 17 වැනිදා බෙන්තොට ප්‍රදේශයේදී යතුරුපැදියක් නවතා එහි බලපත්‍ර පරීක්ෂා කර ඇත.

ඉන් පසුව රථවාහන වරදක් කළ බව පවසමින් ඒ සඳහා නඩු නොදැමීමට රුපියල් හයදහසක මුදලක් ඉල්ලා ඇති අතර කසිප්පු නඩුවක් සොයා දෙන්නැයිද පවසා ඇති අතර, එම අදාළ තරුණයා විසින් මේ සම්බන්ධයෙන් බෙන්තොට පොලිස් ස්ථානාධිපතිවරයාට සහ පොලිස් අධිකාරීවරයකුට පැමිණිලි කර ඇත.

මහ බැංකු අධිපතිට ඉහළ ම ශ්‍රේණිගත කිරීමක්...

මහ බැංකු අධිපතිට ඉහළ ම ශ්‍රේණිගත කිරීමක්...

ඉන් අනතුරුව, මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පසුව මෙම නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට පියවරගෙන ඇත.

කෙසේ වෙතත්, මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ යුක්තිය මෙහෙයුමට අදාළ වැටලීම් රාජකාරියේ යොදවා සිටි නිලධාරීන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.