මහ බැංකු අධිපතිට ඉහළ ම ශ්‍රේණිගත කිරීමක්...
By Parami Dissanayake
2024 වසර සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා “A” ශ්‍රේණියේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.
ඒ ග්ලෝබල් ෆිනෑන්ස් ආයතනය මඟින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාව අනුවයි.
මෙම “A” ශ්‍රේණිය ලබා ගැනීම මඟින් උද්ධමන පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්රයන් තුළ අධිපතිවරයාගේ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කෙරෙන බව සඳහන් වේ.