ජල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධීකාරි ඇතුළු දෙදෙනා රිමාන්ඩ් - හේතුව මෙන්න
ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සභාපතිවරයාට කුලි පදනම මත වාහනයක් ගෙන රජයට පාඩු කළේ යැයි අත් අඩංගුවට ගත් එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 20 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේත්‍රාත් අසංග එස් බෝධරගම මහතා අද ( 10) නියෝග කර තිබේ.
අතිරේක සාමාන්‍යාධිකාරී දර්ශන වර්නන් මැදවත්ත හා කුලි රථ සැපයූ ජයවර්ධන ලියනආරච්චිලාගේ නලින් චන්දන ලියනගේ සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අල්ලස් කොමිසම වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ කුලියට ලබාගත් රථයක් පාවිච්චි කළ බවට මෙතෙක් විමර්ශනවලින් කරුණු අනාවරණය වී නොමැති හෙයින්,අදාළ වාහනයට ප්‍රමාද නොවී කුලී මුදල් ගෙවන ලෙසට වට්ස් ඇප් පණිවිඩිඩ මගින් දැනුම් දුන් "නිශාන්ත රණතුංග" එවකට සභාපතිවරයා අවශ්‍ය වුවහොත් සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීමට සුදානම් බවයි.
සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිෂම කරුණු දක්වමින් සඳහන් කරේ පහත කරුණකි,
ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යවස්ථාවට අනුව සභාපතිවරයාට භාවිතාකළ හැත්තේ එක් නිල රාජකාරී රථයක් පමණයි.නමුත් අදාළ වාහනය කුලියට ගන්නා විට සභාපතිවරයා වාහන දෙකක් භාවිතා කර තිබෙනවා.
සභාපතිවරයාගේ පරිහරණයට ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado) වර්ගයේ SUV ජිප් රථයක් කුලී පදනම මත ලබාගෙන රජයට 12,750,000.00 පාඩු කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා.
යනුවෙනි.එමෙන්ම පළමු සැකකරුගේ යටතේ සේවය කරන පුද්ගලයින්ගෙන් සාක්ෂි සටහන් කිරීමට ඇති බැවින් සැකකරුවන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇප දීමට තරම් ප්‍රබල කරුණක් සැකකාර පාර්ශවයෙන් ඉදිරිපත් වී නොමැති බවත්,විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් ලබන 20 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.